අයිස් සමග වයෝවෘද්ධ කාන්තාවක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමග වයෝවෘද්ධ කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කොළඹ 15 බ්ලූමැන්ඩල් පාර ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය 63හැවිරිදි වියේ පසුවන මාදම්පිටිය පාර කිඹුලා ඇල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෙහිදී සැකකාර වයෝවෘද්ධ කාන්තාව සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 52ක් පොලිස් විශේෂ කාර්ය බළකාය සිය භාරයට ගෙන ඇත.

එම සැකකාරිය සංවිධානාත්මක අපරාධ සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට විදේශගතව සිටින “කිඹුලා ඇලේ ගුණා” නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන බන්ධනාගාරගතව සිටින “රත්නම් රංජිත්” නොහොත් “ගොරිල්ලා රංජි” ලෙස හඳුන්වන පුද්ගලයාගේ මව බවට අනාවරණය වී තිබේ.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකාරිය බ්ලූමැන්ඩල් පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

Leave a Reply

Your email address will not be published.