ශ්‍රී ලංකාවේ විදෙස් ණය ගැටලුව විසඳීමට තමන් කළ යුතුදේ කිරීමට සූදානම් බව ජපානය පවසයි.
එම ගැටලුව විසඳීමට අනෙක් ණයහිමි රටවල් වන චීනය සහ ඉන්දියාව ද මැදිහත් වියයුතු බව ජපාන මුදල් අමාත්‍යවරයා පැවසීය.
ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා ඒ බව පැවසුවේ පිලිපීනයේ මැනිලා නුවර දී බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.