ගණිකා නිවසක් වටලයි

ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට පොලීසිය කටයුතු කර තිබේ.

ගල්කිස්ස සෙරමික් පාරේ ස්ථානයක පවත්වාගෙන ගොස් තිබූ එම ජාවාරම පොලීසියට ලද තොරතුරකට අනුව වටලා ඇත.

එහිදී ගණිකා නිවාසය කළමනාකරණය කළ වයස අවුරුදු 25ක තරුණයෙක් සහ තරුණියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

තරුණියන් දෙදෙනා 25 සහ 35 යන වයස්වල පසුවන්නියන් වන අතර ඔවුන් බිබිල සහ තිහගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්ය. 

Leave a Reply

Your email address will not be published.