කොසු මිටෙන් සිසුවියකට පහරදුන් විදුහල්පති ට ස්ථාන මාරුවක් 

නුවරඑළිය, කොටගල ප්‍රදේශයේ පාසල් සිසුවියකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයාව ස්ථාන මාරුකර තිබේ.

10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට අදාළ විදුහල්පතිවරයා විසින් කොසු මිටකින් පහරදී තිබූ බව වාර්තා විය.

අදාළ සිද්ධියට සම්බන්ධ විදුහල්පතිවරයා මේ වන විට කලාප කාර්යාලයට ස්ථාන මැරුකර ඇති බව මධ්‍යඹ පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published.