ජාතික ආරක්‍ෂාවට රටේ විශාලත්වය නොවෙයි තාක්‍ෂණයයි වැදගත්

මූලික ප්‍රශ්න විසඳීමට සියලු අංශවල සහභාගිත්වය අවශ්‍යයි: 

ජෝන් කොතලාවල ආරක්‍ෂක සරසවියේ 15 වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවේදී ආරක්ෂක ලේකම් කියයි

මූලික ප්‍රශ්න විසඳීමට සියලුම අංශවල සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවට ජාතික අධිෂ්ඨානයක වැදගත්කම ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) ‌ජෙනරාල් කමල් ගුණරත්න මහතා පෙන්වා දෙයි.

අතීතයේ සහ මෑත කාලීන පාඩම් මතකයේ තබා ගනිමින් උපායමාර්ගික ස්ථාවරයක වත්මන් ආණ්ඩුවේ නව නායකත්වය සමඟ සිවිල් සංවිධාන, ආරක්‍ෂක ආයතන ඇතුළු ශ්‍රී ලාංකීය සමාජයේ සියලුම අංශවල ජාතික අධිෂ්ඨානයක අවශ්‍යතාව අවධාරණය කරමින් ඒ සඳහා ජාතික අනන්‍යතාව, ජාතික සංහිඳියාව, සංක්‍රාන්ති යුක්තිය, පාලන ව්‍යුහය, ආර්ථික පුනර්ජීවනය වැනි මූලික කරුණු සාකච්ඡා කිරීමට දේශපාලන ආයතන සහ ව්‍යාපාරික සංගම් එකතු වී සාකච්ඡා කළ යුතු බව ආරක්‍ෂක ලේකම්වරයා පැවසීය.

පොදු අරමුණක් සඳහා මෙය රටේ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන නැවත නීත්‍යානුකූල කිරීම සහ සම්මුතිය ගොඩනැඟීමේ මූලික පියවරක් බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

ආරක්‍ෂක ලේකම්වරයා මේ අදහස් පළ කළේ ‍ ‍ෙජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය විසින් පෙරේදා (29) සංවිධාන කරන ලද 15 වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවේ සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි. ඉන්දීය ජනරජයේ හිටපු වාණිජ, නීති සහ අධිකරණ ඇමැති මහාචාර්ය සුබ්‍රමනියන් ස්වාමි මහතා මේ අවස්ථාවට ප්‍රධාන කථිකයා ලෙස සහභාගි වූ අතර, මේ අවස්ථාවට සහභාගි වන ලෙස කරන ලද ආරාධනය පිළිගැනීම සම්බන්ධයෙන් ආරක්‍ෂක ලේකම්වරයා ඒ මහතා වෙත සිය කෘතඥතාව ද පළ කළේය.

මෙවර ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව ‘ආර්ථික පුනර්ජීවනය, ජාතික ආරක්‍ෂාව සහ විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදන ප්‍රගතිය තුළින් තිරසාර බව’ නමැති කාලෝචිත තේමාව යටතේ පැවැත්වේ.

බුද්ධිමය සාකච්ඡා මඟින් දැනුම පුළුල් කර ගැනීමට මේ සඳහා සහභාගි වන සියලුම දෙනාට මෙය ඉතා ප්‍රයෝජනවත් වන අතර, අදාළ ක්ෂේත්‍රවල ජාතික හා ජාත්‍යන්තර විද්වතුන් සමඟ පුළුල් අන්තර් ක්‍රියාකාරිත්වයක් සහ ජාලගත වීමක් සඳහා මෙය අවස්ථාවක් වන බව ජෙනරාල් ගුණරත්න මහතාගේ අදහසයි.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජෙනරාල් ගුණරත්න මහතා සඳහන් කළේ, රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන ජාතික ගිවිසුමකට පදනම වන්නේ එවැනි උත්සාහයක් පදනම් කරගත් ක්‍රියාවලියකින් පමණක් නොව, විද්‍යාත්මක හා තාක්‍ෂණික නවෝත්පාදන පිළිබඳව නිසි සැලකිල්ලක්‌ දක්‌වමින් ආරක්‍ෂිත රටක්‌ ස්‌ථාපිත කිරීමෙන් ආර්ථික පුනර්ජීවනය සහ තිරසරභාවය කරා සමාජයේ සිටින සෑම කණ්ඩායමකටම විශේෂයෙන්ම, ආයෝජකයන්ට රාජ්‍ය ගොඩනැඟීමේ ප්‍රයත්නයට සක්‍රියව සහභාගි වීමට යොමු කිරීම බවයි.

අවසාන වශයෙන් ඔහු කියා සිටියේ, වත්මන් සන්දර්භය තුළ ජාතියක් ලෙස තාක්‍ෂණික නවෝත්පාදන මායිම් හරහා ආර්ථික පුනර්ජීවනය, ජාතික ආරක්‍ෂාව සහ තිරසරභාවය පිළිබඳ විශිෂ්ටත්වය ළඟා කර ගැනීමට අප උත්සාහ කරන බවයි. තවද කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල‌යේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් සහ සම්මන්ත්‍රණ සංවිධායකයන් වෙත සිය කෘතඥතාව ද මෙහිදී පළ කළේය. ජාතික ආරක්‍ෂාවට රටේ විශාලත්වය නොව තාක්‍ෂණය වැදගත් බව අවධාරණය කරමින් ප්‍රධාන දේශකයා සඳහන් කළේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ නව සංකල්පයේ තිරසරබවෙහි වටිනාකම පිළිබඳ ද පැවසීය.

ප්‍රධාන ආරාධිත අමුත්තා අතින් ආරක්‍ෂක අධ්‍යයනය පිළිබඳ ජාතික ඩිජිටල් ගබඩා මධ්‍යස්ථානය (National Digital Repository Centre) විවෘත කිරීම ද මෙහිදී සිදුවිය.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල‌ය් උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් විසින් පිළිගැනීමේ දේශනයෙන් සමාරම්භක උත්සවය ආරම්භ කළ අතර, උත්සවයේ වැදගත්කම සහ රටේ ආර්ථික පුනර්ජීවනය සඳහා එහි අදාළත්වය ඉස්මතු කළේය. එම අවස්ථාව සනිටුහන් කරමින් ඔහු ආරක්‍ෂක ලේකම්වරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

රාජ්‍යතාන්ත්‍රික නිලධාරින්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හා නාවික හමුදාපතිවරුන්, වෙනත් විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්, මිත්‍ර රටවල කථිකයන්, කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨයේ හිටපු සේනාවිධායකවරුන්, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල‌යේ හිටපු කුලපතිවරුන් සහ උපකුලපතිවරුන්, මෙට්‍රොපොලිටන් කැම්පස්හි මණ්ඩපාධිපති, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල‌ය් දක්ෂිණ මණ්ඩපාධිපති, නියෝජ්‍ය උපකුලපතිවරුන්, සියලුම පීඨාධිපතිවරුන් සහ අධ්‍යක්‍ෂවරුන්, ජ්‍යෙෂ්ඨ හමුදා සහ උසස් පොලිස් නිලධාරීන් වැනි සම්භාවනීය ආරාධිතයන් රැසක් මේ අවස්ථාවට එක්වූහ.

Leave a Reply

Your email address will not be published.