ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කොන්දේසි සැපිරුවොත් ශ්‍රී ලංකාවට අපේ යුතුකම ඉටු කරනවා

චීනය සහ ඉන්දියාවේ  සහාය අත්‍යවශ්‍යයි

ජපානය අවධාරණය කරයි

මෝටර් රථයක් මිල දී ගැනීම සඳහා අත්තිකාරම් මුදලක් දීමට රුපියල් ලක්ෂ 10ක මුදලක් රැගෙන වවුනියාව තාණ්ඩිකුලමට පෙරේදා (29) පැමිණි මුන්දලමේ තරුණයන් තිදෙනකු බිය ගන්වා මුදල් කොල්ලකා මෝටර් රථයකින් පලා යමින් සිටි කොල්ලකරුවන් තිදෙනෙක් එම මුදල්ද සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත.

මුන්දලමේ පදිංචි තරුණයා සිය මිතුරන් දෙදෙනා සමඟ මෝටර් රථයක නැඟී වවුනියාවට පැමිණ ඇත්තේ අන්තර්ජාලයේ දැන්වීමකට අනුව මෝටර් රථයක් මිල දී ගැනීමේ අදහසිනි. එම ගනුදෙනුව ස්ථිර කිරීමට ඔහු රුපියල් ලක්ෂ 10ක මුදලක්ද රැගෙන පැමිණ ඇත.

වව්නියාව තාණ්ඩිකුලම යුද හමුදා සුභසාධක වෙළෙඳසල අසලදී දෙපාර්ශ්වය මුණ ගැසී ඇතැයි පොලිසිය කියයි. එහිදී එම රථය මිල දී ගැනීමට අපේක්ෂාවෙන් පැමිණි මුන්දලමේ තරුණයා මුලින්ම වාහනයේ ලියකියවිලි පරීක්ෂා කර තිබේ. එහිදී එම මෝටර් රථයේ ලියකියවිලි සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මත ගනුදෙනුව කිරීම ප්‍රතික්ෂේප කර ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේදී මෝටර් රථය අලෙවි කිරීමට සූදානමින් එහි පැමිණ සිටි පුද්ගලයන් මුන්දලමේ තරුණයා පැමිණි මෝටර් රථයේ තිබුණු රුපියල් ලක්ෂ 10ක මුදල කොල්ලකා ඔවුන් අලෙවි කිරීමට සූදානමින් පැමිණි මෝටර් රථයේම නැඟී පලා ගොස් ඇත.

ඒ සම්බන්ධයෙන් එම තරුණයන් වවුනියාව පොලිසියට කළ දැනුම් දීමත් සමඟ පොලිසිය වහාම මුදල් කොල්ලකා පලා යන පිරිස ගමන් ගන්නා මෝටර් රථය ගැන අවට පොලිස් ස්ථාන දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව නැදුන්කර්නි පොලිසියට මේ කොල්ලකරුවන් කොටු කර ගැනීමට හැකියාව ලැබී ඇත්තේ ඔඩ්ඩුසුඩාන් මාර්ගයේදීය. පොලිසිය පවසනුයේ මුදල් කොල්ලකා පලා යමින් සිටි සැකකරුවන් කිලිනොච්චියේ පදිංචිකරුවන් පිරිසක් බවය. ඔවුන් අවුරුදු 21ත් 22ත් අතර පසුවන්නන්ය. පොලිසිය පවසනුයේ අලෙවි කිරීමට සූදානම් වූ මෝටර් රථය සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැඟී ඇති බවත් එහි නියම හිමිකරු සොයා විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ය.

Leave a Reply

Your email address will not be published.