මත්පැන් මිලත් ඉහළට

ඊයේ (01) මධ්‍යයම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් මිල ගණන් ද ඉහළ දමා තිබේ.

ඒ අනුව DCSL සමාගම විසින් සෑම මත්පැන් වර්ගයකම මිල ඉහළ දමා ඇති අතර මිලිලීටර් 750 අති විශේෂ මත්පැන් බෝතලය මිල රුපියල් 150කින් ඉහළ දමා ඇත.

ඊට සමගාමීව අනෙක් මත්පැන්වල මිල ගණන් ද ඉහළ දමා ඇති බව වාර්තා වේ.

මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්වැටි වර්ග දෙකක මිලද රුපියල් 5කින් ඉහළ දැමීමට ලංකා දුම්කොළ සමාගම පියවර ගෙන තිබේ.

අනෙකුත් දුම්වැටි නිෂ්පාදනවල මිල ගණන් මෙතෙක් තීරණය කර නොමැති බව වාර්තා වේ.

ඒ අනුව දුම්වැටියක නව මිල රුපියල් 90කි.

ඔක්තොම්බර් මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 2.5ක  සමාජ ආරක්ෂණ බද්දක් පැනවීම මෙම මිල ගණන් ඉහළ යාමට හේතුවී තිබේ.

Leave a Reply

Your email address will not be published.