ජාතික තේරීම් කමිටුව පත්කෙරේ

නව ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව වෙත නිල වශයෙන් පත්වීම් ලිපි ප්‍රදානය අද (04) ක්‍රීඩා අමාත්‍යංශයේදී සිදුකර තිබේ.

ඒ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ආරක්ෂක මණ්ඩල ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව සාමාජිකයින් 7 දෙනෙකුගෙන් සමන්විතය.

එහි සාමාජිකයින් පහතින්,

ආරක්ෂක මණ්ඩල ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා – සභාපති
අර්ජුන් රිශ්යා ප්‍රනාන්දු මහතා – ලේකම් 
වෛද්‍ය මහියා ගුණසේකර මහතා – සාමාජික 
ක්‍රීඩා අමාත්‍යංශයේ අතිරේක ලේකම් ප්‍රසන්න චන්දිත් මහතා – සාමාජික 
හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා – සාමාජික 
ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා – සාමාජික 
තිලකා ජිනදාස මහත්මිය – සාමාජිකා

Leave a Reply

Your email address will not be published.