2023 වර්ෂය සඳහා මුළු පුනරාවර්තන වියදම රුපියල් බිලියන 4,634ක් වශයෙන් හා මුළු මූලධන වියදම රුපියල් බිලියන 3,245ක් වශයෙන් රජය විසින් ඇස්තමේන්තුගතකර තිබේ.
ඒ අනුව 2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළකර ඉන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට ඊයේ (03) අනුමැතිය හිමිව තිබේ.
එම යෝජනාව ඇතුළු ඊයේ අනුමැතිය හිමිවූ අනෙකුත් කැබිනට් තීරණය පහතින්.