IMF කාර්ය මණ්ඩල ගිවිසුම කෝ – විමල් ප්‍රශ්න කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය මේ වනවිට කාර්ය මණ්ඩල ගිවිසුමකට එළැඹී ඇති බවත්, එය සභාවට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.

අද (04) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නයක් යොමුකරමින් විමල් වීරවංශ මහතා සඳහන් කළේ, පසුගිය දා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇතැම් ප්‍රකාශ මගින් ද එවැනි ගිවිසුමකට එළැඹි බව සනාථ වන බවය.

විමල් වීරවංශ – “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය කාර්ය මණ්ඩල ගිවිසුමකට ගිහින් තියෙනවා ඒ ගිවිසුම ඇයි සභාවට ඉදිරිපත් කරන්නේ නැත්තේ ?
රට දැනගන්න ඕනේ නැද්ද ?”

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන – “තවම ගිවිසුමකට අවතීර්ණය වෙලා නෑ… එකඟතා ගිවිසුමක කෙටුම්පතක් පමණයි තිබෙන්නේ. ඉන් අනතුරුව ඒ පිළිබඳ විස්තර සුවිශේෂව ලබාදීමට පුළුවන්කම ඇති වෙනවා අදාළ කමිටුවල.”

විමල් වීරවංශ – “ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඇතැම් ප්‍රකාශකයන්, මම දන්නේ නෑ ප්‍රවෘත්ති වරදවා දාලා ද කියලා. කාර්ය මණ්ඩල ගිවිසුමකට අවතීරණ වී ඇත කියන එක ඒ වාර්තාවල තිබුණා. නමුත් ඔබතුමා කියනවා නම් වගකීමෙන් කාර්ය මණ්ඩල ගිවිසුමක් නෑ කියලා අපිට ඒක පිළිගන්න පුළුවන්. නමුත් එහෙම වාර්තා තිබුණා.”

Leave a Reply

Your email address will not be published.