උතුරු කොරියාවට ලැබුණු ප්‍රතිචාරය

උතුරු කොරියාව විසින් ජපානයට ඉහළින් අතරමැදි-දුර බැලස්ටික් මිසයිලයක් එල්ල කිරීමෙන් අනතුරුව දකුණු කොරියාව සහ අමෙරිකාව ඊට ප්‍රතිචාර දක්වා තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ, දකුණු කොරියානු සහ අමෙරිකානු හමුදා ඊට ප්‍රතිචාර වශයෙන් මිසයිල අභ්‍යාස පැවැත්වූ බවය.

එසේම උතුරු කොරියාව සිදුකළ මිසයිල අත්හදාබැලීම ගැන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වී සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා විය. 

Leave a Reply

Your email address will not be published.