තිළිණි ප්‍රියමාලි රිමාන්ඩ්

මුදල් සහ රන් භාණ්ඩ වංචා කළ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාවක මෙම මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකාර කාන්තාව අද (06) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස රිමාන්ඩ් භාරයට පත්කෙරුණි.

එලෙස ඇය විසින් වංචා කළ බවට චෝදනා එල්ලවී ඇති මුදල රුපියල් මිලියන 200 කට අධිකය.

විදේශ රටවල මුදල් තැන්පතු සහ ව්‍යාපාරවල මුදල් තැන්පත් කිරීම වෙනුවෙන් සිත්ගන්නා සුළු මුදල් ලබාදෙන බවට පවසමින් ඇය කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ ආයතනයක් පවත්වාගෙන ගොස් තිබේ.

කෝටිපති ව්‍යාපාරිකයින්, වෛද්‍යවරුන් ඇතුළු සමාජයේ පිළිගත් පුද්ගලයින් රැසක් ඇයගේ ආයතනයෙහි මුදල් තැන්පත් කර ඇති බවද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published.