දැන් මම කථා කළා ඇති – ජනපති

රට ගොඩනැගීමට නම් රට තුළ ස්ථාවරභාවයක් ඇතිකළ යුතු බවත් ඒ සඳහා නිවැරදි තොරතුරු ජනගත කිරීම අත්‍යවශ්‍ය වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (07) කොළඹ පැවැති වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

රාජ්‍ය සන්නිවේදන යාන්ත්‍රණය පිළිබඳ සියලු කැබිනට් අමාත්‍යවරුන්ගේ, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ ආණ්ඩුකාරවරුන්ගේ මාධ්‍ය ලේකම්වරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණි.

ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් එක්විය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“දැන් මම කතා කළා ඇති. ඒ කතාවල හරය රටට යවන්න තියෙනවා. ආණ්ඩුව කරන දේ රටට දන්වන්න තිබෙනවා. අපි හුගාක් අමාරු කාලයක ඉන්නේ. ඒකෙන් ගොඩඑන්න තියෙනවා. බොහෝ ජනතාවට බලාපොරොත්තු නැතිවෙලා. හැම මට්ටමකම අය දැනගන්න ඕනේ ආණ්ඩුව මොකක්ද කරන්නේ කියලා.”

“වැරදි මත තියෙනවා නම් ඒවා නිවැරදි කරන්න. රටේ අස්ථාවරභාවය තිබුණොත් ගොඩඑන්න බැහැ. රටේ ස්ථාවරභාවය ඇති කරන්න පුළුවන් නිවැරදි තොරතුරු ලබාදීලා.” 

“විද්‍යුත් මාධ්‍ය හෝ මුද්‍රිත මාධ්‍ය නෙමෙයි.. අද විශාලම ප්‍රශ්නය තියෙන්නේ සමාජ මාධ්‍යයෙන්. හොඳයි – නරකයි දෙකම එනවා. ඔබේ වගකීම ඉටුවෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබේ වගකීම් ඉටු නොවුනොත් තවත් අරගලයක් එයි”

Leave a Reply

Your email address will not be published.