ලෝක කුසලානයට එන තීරකවරු සහ විනිසුරුවරු මෙන්න

ක්‍රිකට් ලොව සුපිරි සැණකෙළිය විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි.

ඒ අනුව මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට එක්වන විනිසුරුවරුන් සහ තරග තීරකවරුන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම්කර තිබේ.

තරගාවලිය සඳහා තරග තීරකවරුන් සිව්දෙනෙකු සහ විනිසුරුවරුන් 16 දෙනෙකු නම්කර ඇත.

මෙවර ලෝක විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ශ්‍රී ලාංකික විනිසුරුවරයෙකු වන කුමාර් ධර්මසේනද නම්කර ඇති අතර තරග තීරකවරයෙකු ලෙස රන්ජන් මඩුගල්ල නම්කර තිබීමද විශේෂත්වයකි.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම්කර ඇති තරග විනිසුරුවරුන් සහ තීරකවරුන් පහතින්.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට නම්කර ඇති තරග තීරකවරු

Andrew Pycroft 
Christopher Broad
David Boon 
Ranjan Madugalle 

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට නම්කර ඇති තරග විනිසුරුවරුන්

Adrian Holdstock 
Aleem Dar 
Ahsan Raza 
Christopher Brown 
Christopher Gaffaney 
Joel Wilson 
Kumara Dharmasena 
Langton Rusere 
Marais Erasmus 
Michael Gough 
Nitin Menon 
Paul Reiffel 
Paul Wilson 
Richard Illingworth 
Richard Kettleborough 
Rodney Tucker 

 

Leave a Reply

Your email address will not be published.