එළඹෙන ඔක්තෝබර් 10වන සඳුදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත්කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වසර සඳහා බැංකු නිවාඩු දිනයන් දැක්වෙන සටහනේ ඒ බව සඳහන් වෙයි.
නබි නායකතුමාගේ උපන් දිනය ඔක්තෝබර් 09වන ඉරිදා දිනයට යෙදී තිබීම ඊට හේතුවය. එය රජයේ, බැංකු සහ වෙළෙඳ නිවාඩු දිනයකි.
ඒ හේතුවෙන් ඔක්තෝබර් 10 සඳුදා දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත්කර ඇත.