විදුලි බිලේ ගාස්තු වෙනසක්

2022 අගෝස්තු 10 වන දින සිට බලපැවැත්වෙන පරිදි ඒකකයක් සඳහා විදුලි ගාස්තුව රුපියල් 32ක් වනු ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා පෙන්වා දෙන්නේ ආගමික සිද්ධස්ථාන සඳහා එලෙස විදුලි ගාස්තු සහන ලබාදෙන බවය.

ඒ අනුව විදුලි ඒකක 180ට වැඩි ප්‍රමාණයක් භාවිත කරන ආගමික සහ පුණ්‍ය ආයතන පොදු කාර්ය කාණ්ඩය යටතට ගෙන තිබේ.

“පුණ්‍ය ආයතන සඳහා දැනට 500%කින් වැඩිවෙලා තිබෙන අය ක්‍රමය යථාතත්ත්වයට පත්කරන්න අපි ක්‍රියාමාර්ග ගත්තා. ඒ අනුව වැඩිවුණ විදුලිබිල ඉක්මනින් අඩුවෙයි. පුණ්‍ය ආයතනත් තමන්ගේ විදුලිබිල පාලනය කරගන්නත් ඕනේ.”

“අගෝස්තු 10 වනදා අපි විදුලි බිල වැඩි කරපුවාම කලින් රුපියල් 1.75ක් ගෙවපු ඒකකයක මිල රුපියල් 75 දක්වා වැඩිවුණා. මේ වගේ ආගමික, පුණ්‍ය ආයතන 48,000ක් විතර ලංකාවේ තිබෙනවා.”

“පොදු කාර්ය සඳහා අපි අයකරනු ලබන්නේ රුපියල් 32ක මුදලක්. අගෝස්තු මාසයේ සිට පොදු කාර්ය යටතේ මෙම ආයතන ගත්තාම ඒ වැඩිවෙන බිල අඩුවෙනවා.”   

“ඒ වගේම වැඩිවුණු බිල අඩු කරගැනීම සඳහාත් විදුලිය විසන්ධි කරන්න එපා කියන කරුණුත් අපි විදුලිබල මණ්ඩලයට දන්වලා තියෙන්නේ.” 

“විදුලි ඒකක 90ට වඩා අඩුවෙන් පාවිච්චි කරන අයට ඒකකයක් සඳහා ගෙවිය යුතු වෙන්නේ.. ඒකක 30ට වඩා අඩු නම් රුපියල් 8යි. අපිට වියදම යනවා රුපියල් 32ක්.”

“එතකොට ඒකක 60ට වඩා අඩුනම් ඒකකයකට ගෙවන්නේ රුපියල් 12යි.” 

“ඒකක 90ක් භාවිත කරනවා නම් ඒකකයක් රුපියල් 16යි.” 

“ඒ කියන්නේ අඩු ආදායම් ලබන ජනතාවට අවශ්‍ය සහනාධාරය අපි දැනටමත් දීලා තියෙන්නේ.” 

Leave a Reply

Your email address will not be published.