අධිවේගී මාර්ගයේ මාරක අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රියඅනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 80.8 හා 80.9 කණු අතරදී ඊයේ (07) මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

ඊයේ රාත්‍රියේ කොළඹ දෙසට ගමන්ගත් කුඩා ලොරි රථයක් එම දිසාවටම ඉදිරියෙන් ගමන්ගත් බවුසර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු හා රිය සහායක කරාපිටිය රෝහලට අතුළු කිරීමේදී රිය සහායක මියගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි ලියනගේවත්ත අහංගම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

අනතුර සම්බන්ධයෙන් බවුසර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බද්දේගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Leave a Reply

Your email address will not be published.