බේරුවල මොරගල්ල සංචාරක පොලීසිය ඉදිරිපිට දී අද (09) අළුයම යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පොලිස් නිලධාරියකු මියගොස් තවත් පොලිස් නිලධාරීයෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි බේරුවල පොලීසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ලලිත් පත්ම කුමාර මහතා පැවසීය.
අනතුරින් මියගොස් ඇත්තේ බේරුවල පොලීසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ උප පොලිස් පරික්ෂක චතුරංග කස්තුරිආරච්චි මහතා ය.
ඔහු කොස්තාපල්වරයකු සමඟ යතුරුපැදියකින් පැමිණෙමින් සිටියදී ප්රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි දෙදෙනකු ගමන් ගත් යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි ස්ථානාධිපතිවරයා කීය.
බරපතළ තුවාල ලද සිව්දෙනාම කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ස්ථානාධිපතිවරයා මියගොස් ඇත.
යතුරුපැදි වලට ද බරපතළ අලාභ සිදුව ඇතැයි ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
බේරුවල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.