අතුරුදන් වූ විශ්වවිද්‍යාල සිසුවා ගැන තවමත් තොරතුරක් නෑ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියදී අතුරුදන්වූ ශිෂ්‍යයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව පොලීසිය පවසයි.

අතුරුදන්ව ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තෙවන වසරේ අධ්‍යාපනය ලබන කඩවත ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සිසුවෙකි.

මීට සති කිහිපයකට පෙර ආතතිය දරා ගැනීමට නොහැකිව එම විශ්වවිද්‍යාලයේ සිසුවෙකු සියදිවි හානිකරගෙන තිබුණි.

මේ අතර, ‍පශ්චාත් කොවිඩ් තත්ත්වයට අනුගත වීමට නොහැකි වීම සහ රටේ පවතින ආර්ථික අර්බුදයට මුහුණ දීමට නොහැකි වීම හේතුවෙන් විශ්වවිද්‍යාල සිසුන් තුළ ආතතික තත්ත්වයක් ගොඩ නැගී ඇති බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ  ශිෂ්‍ය ශිෂ්‍යයන්ට ආතතියක් ඇති නොවන ලෙස පාඨමාලා ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී ඇති බවය.

එමෙන්ම ආතතියට මුහුණ දීම සඳහා දරුවන් පුහුණු කළ යුතු බවද මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published.