මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර ආනයනය සඳහා කැඳවූ දෙවන ටෙන්ඩරයෙන් සමාගම් 03ක් තෝරාගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
යූරියා පොහොර ආනයනය සඳහා කැඳවූ පළමු ටෙන්ඩරය අසාර්ථක වීමෙන් පසු මෙම නව ටෙන්ඩරය කැඳවූ බව අමාත්‍යවරයා පැවසීය.
දෙවන ටෙන්ඩරයෙන් තෝරාගත් එම සමාගම් 03 කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.