අමානුෂික ඝාතන දෙකක්

නාවලපිටිය සහ හබරණ ප්‍රදේශවල දී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ නාවලපිටිය, ඉගුරුඔය උතුර ප්‍රදේශයේදී තුවාල සහිතව බිම ඇදවැටී සිටි යුවළක් නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවය.

අනතුරුව ඉන් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහල වෙත මාරුකර යවා, ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 48 හැවිරිදි පුද්ගලයෙකි.

පැරණි අමනාපයක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි.

මේ අතර හබරණ සේනාධිරියාගම ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳගේ පියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවය.

මියගොස් ඇත්තේ 38 හැවිරිදි ගැටහැත්ත හිගුරහේන ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු වන අතර  ඝාතනය සිදුකළ සැකකරු ද තුවාල ලබා දඹුල්ල රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටි.

Leave a Reply

Your email address will not be published.