ඩෙවිඩ් මිලර්ගේ පුංචි තරුව මෙලොව හැරයයි

දකුණු අප්‍රිකාණු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩෙවිඩ් මිලර්ගේ සමීපතම රසිකාවක් වු ඈන් නම් වූ දියණිය දිවියෙන් සමුගෙන තිබේ.

දස හැවිරිදි ඈන් ඊයේ (08) මෙලොව හැර යන්නේ දීර්ඝ කාලයක් පුරා පිඩා විඳී පිළිකා රෝගයක් හේතුවෙනි.

පුංචි ඈන්ගේ සමුගැනීම සම්බන්ධයෙන් ඩෙවිඩ් මිලර් සිය ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් පවසා ඇත්තේ “RIP you little rockstar💗Love you always!💗,” Miss you “යනුවෙනි.

ඩෙවිඩ් මිලර් මේ වන විට දකුණු අප්‍රිකානු – ඉන්දීය තරග සංචාරය සඳහා සහභාගීව සිටින බැවින් ඇයගේ වියෝවය ඔහුට දැඩි කම්පනයක් ඇති කරනු ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේවෙතත් අද (09) දින ඉන්දියාවේ රංචි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන එක්දින තරගය සඳහා ද ඩෙවිඩ් මිලර් සහභාගීව සිටී.

Leave a Reply

Your email address will not be published.