අධිවේගයේ මාරක රිය අනතුරකින් කාන්තාවක් මිය යයි – 06කට තුවාල

අතුරුගිරිය පිටත වටරවුම අධිවේගි මා‍ර්ගයේ සිදුවු රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.

කොට්ටාව සිට කෙරවලපිටිය දක්වා වු අධිවේගි මාර්ගයේ ගාල්ල දෙස සිට අතුරුගිරිය දෙසට ධාවනය වු වෑන් රථයක් එම දෙසටම ගමන් කළ ජීප් රථයක ගැටීමෙන් අද(10) අලුයම් කාලයේ දී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

අනතුරින් ජීප් රථයේ රියදුරු, තවත් පුද්ගලයෙකු සහ වෑන් රථයේ ගමන් කළ කාන්තාවන් 5 දෙනෙකු තුවාල හෝමාගම රෝහලට ඇතුළත් කර ඇත. එහිදි තුවාල ලබා සිටි එක් කාන්තාවක් මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 57 හැවිරිදි මාලඹේ ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

අතුරුගිරිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ. 

Leave a Reply

Your email address will not be published.