අධිවේගයේ සිදුවු බිහිසුනු අනතුර

අතුරුගිරිය පිටත වටරවුම අධිවේගි මා‍ර්ගයේ සිදුවු රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.

කොට්ටාව සිට කෙරවළපිටිය දක්වා වු අධිවේගි මාර්ගයේ ගාල්ල දෙස සිට අතුරුගිරිය දෙසට ධාවනය වු වෑන් රථයක් එම දෙසටම ගමන් කළ ජීප් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

අනතුරින් ජීප් රථයේ රියදුරු, තවත් පුද්ගලයෙකු සහ වෑන් රථයේ ගමන් කළ කාන්තාවන් 5 දෙනෙකු තුවාල හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි තුවාල ලබා සිටි එක් කාන්තාවක් මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 57 හැවිරිදි මාලඹේ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන බව සඳහන්ය.

අනතුර සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.