එරික් සෝල්හයිම් දිවයිනට

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සෝල්හයිම් මහතා අද (10) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළින් මෙරටට පැමිණියේය.

ඔහු ඉන්දියාවේ චෙන්නායි සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි – 271 දරන ගුවන් යානයෙන් අද පස්වරු 02.13ට පමණ ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එරික් සෝල්හයිම් මහතා පසුගිය යුද සමයේ නෝර්වේ හි සාම නියෝජිතවරයා ලෙස ශ්‍රී ලංකාවට කිහිපවරක්ම පැමිණියේය.

Leave a Reply

Your email address will not be published.