තිළිණි ප්‍රියමාලි යළි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට

ආන්දෝලනාත්මක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලි අද (12) කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් තිබේ.

ඒ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ලබාගත් විශේෂ නියෝගයක් මත විමර්ශන කටයුත්තක් සඳහා ඇයව මෙලෙස ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් තිබේ.

ඇයව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තවත් ස්ථාන තුනකට රැගෙන යාමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published.