ඉන්දීය ඖෂධ සමාගමක නිෂ්පාදනය අත්හිටුවයි

ගැම්බියාවේ දරුවන් පිරිසකගේ මරණයට හේතුවූ බවට සැලකෙන ඖෂධ දියරය නිෂ්පාදනය කළ සමාගමට, එම ඖෂධය නිෂ්පාදනය අත්හිටුවන ලෙස ඉන්දීය බලධාරීන් නියෝග කර තිබේ.

හර්යානා ප්‍රාන්ත යේ සෞඛ්‍ය අමාත්‍ය අනිල් විජ් පැවසුවේ එම කර්මාන්ත ශාලාව නිසි ක්‍රමවේදයකට අනුව කටයුතු කර නොමැති බවට හඳුනාගෙන ඇති බැවින් එවැනි තීරණයක් ගත් බවය.

ළමුන්ගේ වකුගඩු වලට හානිවිය හැකි තරමේ රසායනික ද්‍රව්‍ය එම “කැස්ස සඳහා ලබාදෙන” ඖෂධයේ අඩංගු බව හඳුනාගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය සතියේ පැවසීය.

ඉන්දියාවෙන් ආනයනය කළ එවැනි ඖෂධ දියර වර්ග 04ක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ගැම්බියා බලධාරීන් පැවසීය.

එම ඖෂධ දියර හේතුවෙන් ගැම්බියාවේ ළමුන් 66 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබුණි.

Leave a Reply

Your email address will not be published.