පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය මධ්‍යස්ථානය මගින් මනෝ උපදේශන සේවා ලබා ගැනීමට පැමිණෙන සිසුන්ගේ වැඩිවීමක් දක්නට ඇතැයි ප්‍රධාන වෛද්‍ය නිලධාරී චන්දිමා හේරත් මහත්මිය සඳහන් කරයි.
පසුගිය අගෝස්තු මාසයේ සිට සිසු සිසුවියන් 140 දෙනකු එමඟින් උපදේශන සේවා ලබා ගෙන ඇතැයි ද ඇය සඳහන් කළාය.
ඒ අතරින් සියයට දහයක් පමණ රෝහල් ගත කර ලබාදුන් බවත් ඇතැම් සිසුන් අධික විශාද තත්ත්වයට පත්ව ජීවිතයට අනතුරක් කර ගැනීමට පවා උත්සාහ කර තිබූ බවද වෛද්‍යවරිය කියා සිටියි.
පසුගිය මාස අටක කාලයේ දී සරසවි සිසුන් සිව් දෙනකු සිය දිවි හානිකර ගැනීමට පෙළඹීමත් සමග මනෝ උපදේශන සේවා පුළුල් කිරීමට පියවර ගෙන ඇතැයි ද ඇය තව දුරටත් පැවසුවාය.