පාසල් ළමුන්ට මත් ඖෂධ අලෙවි කරයි…

පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් මත්වෙන ඖෂධ  අලෙවි කල සැකකරුවෙකු ගිනිගත්හේන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් මත ඔසුසැල් වලින් රෝගින්ට නිකුත් කරනු ලබන ප්‍රි ගැප් නැමති ඖෂධ පාසල් ළමුන්ට අලෙවි කරන ජාවාරමක් ගිනිගත්හේන ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බවට ගිනිගත්හේන පොලිසියට ලැබුණු තොරතුරක් මත උපාය දුතයෙකු යොදා ගනිමින් සැකකරු ගිනිගත්හේන බගතුළුව ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බවයි ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා කියා සිටියේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්තාවේ ඔහු සන්තකයේ මත්වෙන ඖෂධ 105 ක් තිබි සොයාගත් බවත්, එම මත්වෙන ඖෂධ පෙත්තක් අධික මිලකට සැකකරු විසින් අලෙවි කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.

නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි අවු 35 හැවිරිදි සැකකරු කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදු කරගෙන පැමිණ ඇති බවත්, සැකකරු හැටන් ප්‍රදේශයේ ප්‍රධාන ඔසුසැලකින් අදාල ඖෂධ තොග වශයෙන් මිල දිගෙන මෙම ජාවාරම සිදු කර ඇති බවට කරන ලද මුලික පරික්ෂණ වලදි තොරතුරු අනාවරණය වි ඇත.

අත්අඩංගුවට සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.