පාකිස්තාන බැංකු අවදානමේ

මූඩීස් ආයෝජන සේවා ආයතනයේ ශ්‍රේණිගත කිරීම් අනුව පාකිස්තාන බැංකු 05ක් ඔවුන්ගේ දිගුකාලීන තැන්පතු ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ B3 සිට Caa1 දක්වා පහත හෙළා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එය බොහෝ සෙයින් බලපා ඇත්තේ රජයේ දායකත්වයෙන් ප්‍රතිලාභ ලබන පාකිස්තාන බැංකුවලටය.

එම සියලුම බැංකුවල තැන්පතු ශ්‍රේණිගත කිරීම් පිළිබඳ ඉදිරි දැක්ම ද සෘණාත්මකව පවතින බවද මූඩීස් ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙයි. 

කෙසේවෙතත් තම බැංකු ශ්‍රේණිගත කිරීම් පහත හෙළීමට මූඩිස් ආයතනය ගත් තීරණයට පාකිස්තානය දැඩි විරෝධය පළකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට රජය පවසා ඇත්තේ එය ඒකපාර්ශ්විකව ගත් තීරණයක් බවය.
 

Leave a Reply

Your email address will not be published.