යුක්‍රේනයේ සහායට තවත් දැවැන්තයෝ පිරිසක්

යුක්‍රේනයට අවශ්‍ය සහාය ලබාදීමට ජී 07 කණ්ඩායමට අයත් ධනවත් රටවල නායකයින් එකඟතාව පළකර තිබේ.

රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් පසු එම එකඟතාවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

ඒ අනුව, යුක්‍රේනයට අවශ්‍ය හමුදා භටපිරිස් සහ මානුෂිය ආධාර අඛණ්ඩව ලබාදීමට එම රටවල් එකඟතාව පළකර ඇති බව සඳහන්ය.

එමෙන්ම යුක්‍රේනයට අවශ්‍ය සහාය ලබාදීමට නේටෝ සංවිධානයට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

රුසියාව විසින් යුක්‍රේනය හරහා එල්ල කළ මිසයිල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.