ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීම විසඳුමක් නොවේ

බලපෑම්වලින් තොරව නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්තියක් මත ක්‍රියාකරන්නේ නම් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කළ හැකි බව පැපුවා නිව් ගිනියා ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී වසන්ත කුමාරසිරි මහතා පවසයි.

දිගු කලක් තිස්සේ අලාභ ලැබූ පැපුවා නිව් ගිනියා ගුවන් සමාගම ලාභදායී ව්‍යාපාරයක් බවට පත් කරනු ලැබුණේ එම කාලසීමාවේදීය. 

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජාතික ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීම විසඳුමක් නොවන බවය. 

මෙම අදහස් පළ කෙරුණේ “ජාතික ගුවන් සේවයේ හෙට දවසේ ඉරණම” කෘතිය එළිදැක්වීමට අද එක්වෙමිනි.

ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරත්න මහතා සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරීයේ පත්කළ නිලධාරීනි නයෝමා ද සිල්වා මහත්මිය විසින් රචිත ‘ජාතික ගුවන් සේවයේ හෙට දවසේ ඉරණම’ කෘතිය එළිදැක්වීම අද සිදුකෙරුණි.

ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීය.  

පැපුවා නිව් ගිනියා ගුවන් සමාගමේ පළමු ශ්‍රී ලාංකික හිටපු විධායක නිලධාරී වසන්ත කුමාරසිරි මහතා සිය අත්දැකීම් මෙලෙස විස්තර කළේය.

“පුද්ගලීකරණය කළාම හැමදේම හරියයි සිතනවා ගුවන්යානා ආයතන සාර්ථක වන්නේ නිවැරදි රාජ්‍ය ප්‍රතිපත්ති නිසයි මම රැකියා සිදුකළ ගුවන්සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලය, විධායක නිලධාරීන් සියලුදෙනා පාර්ලිමේන්තුවට වගකිව යුතුයි සෑම වසරකම මගේ වත්කම් බැරකම් ප්‍රකාශ කළ යුතුයි මම ඒ රටේ පළමු ආසියානු විධායක නිලධාරියා ගුවන්යානා 8ක් තිබු ආයතනය ගුවන්යානා 28 ක් ගත්තා මම භාරගනිද්දි මගීන් ලක්ෂ 4යි ප්‍රවාහනය කළේ මම ඉවත්ව යද්දී මගීන් ලක්ෂ 13ක් ප්‍රවාහනය කළා රටේ ආදායමෙන් බිලියනයකට වඩා ඉපැයුවා සියලු රාජ්‍ය ණය ගෙවා දැම්මා ඒ රාජ්‍ය ප්‍රතිපත්තියට අපි කටයුතු කළා මැදිහත්වීමකින් තොරව ව්‍යාපාරයක් ලෙස ගෙනියන්න මේ ආයතන සාර්ථක කළ හැකියි වගකීමෙන් ශ්‍රී ලංකන් ලාභ ඉපැයිය හැකි ආයතනයක් වසර 30ක් අලාභයන් වුණේ ලාභදායී ආයතනයක් කළ මම කියනවා මේක කරන්න පුළුවන් 

Leave a Reply

Your email address will not be published.