ලෝක කුසලානයට පෙර වනිඳුගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ගේ එකම අරමුණ ලෝකයේ හොඳම තුන් ඉරියව් පිතිකරුවන්ගේ පළමු තැනට පැමිණීම බව ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග පවසයි.

ඊයේ පැවති විශේෂ භෝජන සංග්‍රහයක් අතරතුරදී ඔහුට යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් වනිඳු මේ බව පැවසීය.

එසේම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වනිඳු හසරංග පැවසුවේ ආසියානු කුසලානය ජයග්‍රහණය කළ අයුරින් ලෝක කුසලානයද ජයග්‍රහණය කිරීමට සූදානමින් සිටින බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග.

“ඔව් ඇත්තටම මම බැට් කරන්න යන වෙලාවේ මට පොඩි ඕවර්ස් ගානයි තියෙන්නේ ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ ඒ වෙලාවේ කණ්ඩායමට මොකක්ද වෙන්න ඕනේ ඒක කරන්න. මගේ ටාගට් එකක් තියෙනවා ලෝකයේම අංක එක වෙන්න තුන් ඉරියව් ක්‍රීඩකයින්ගෙන්. ඉතින් මම ළඟට ඇවිල්ලා තියෙනවා. මම එක කරන්න නම් අනිවාර්යයෙන් බැට් කරලා ලකුණු ගන්නත් ඕන. විකට් ගන්නත් ඕන. අනිවාර්යයෙන් මම ඒ දෙකම ෆෝකස් කරනවා ප්‍රැක්ටිස්වළදී.. “

“මම හිතන්නේ විස්සයි විස්ස තරග ක්‍රීඩා කරනකොට කිසි තරගයක් ලේසියට ගන්න බෑ අපිට. ඇත්තටම අපිට සුදුසුකම් ලබාගැනීමේ තරග තුනක් තියෙනවා ක්‍රීඩා කරලා එන්න. ඒ තරග 3 අපිට ගොඩක් වටිනවා අනිත් තරගවලට එනකොට. ටීම් එකක් විදියට අපි බලාපොරොත්තුවෙන්නේ හැම තරගයක්ම හොඳින් ක්‍රීඩා කරන්න. අපි නැමීබියාව එක්ක ගිය අවුරුද්දෙත් සෙල්ලම් කරලා ජයග්‍රහණය කළා. ලේසියට ගනනවා නෙවෙයි හැබැයි අපි කණ්ඩායමක් විදියට මේ තරගාවලියට හොඳින් සූදානම් වෙලා ඉන්නවා.” 

“මෙල්බර්න්වල ක්‍රීඩා කරනවා කියන්නේ ගොඩාක්ම ලංකාවේ ප්‍රේක්ෂකයන් ඉන්නවා, අපි ලංකාවේ තරගයක් ක්‍රීඩා කරනවා හා සමානයි අපි මෙල්බර්න් තරගයක් ක්‍රීඩා කරනවා කියන්නේ. ඉතින් එක අපිට ගොඩාක් වටිනවා. මේ තරග තුන පටන්ගන්නකොටම මෙල්බර්න්වල ක්‍රීඩා කරන එක.”

Leave a Reply

Your email address will not be published.