නවීන් සත්‍ය ලැයිස්තුව ඉල්ලයි

තිළිණි ප්‍රියමාලි නැමැති කාන්තාව සන්තකයේ මුදල් තැන්පත් කළ පුද්ගලයින්ගේ සැබෑ නම් ලැයිස්තුව තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාදෙන්නැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළේය.

මුල්‍ය වංචා සිදුකිරීමේ චෝදනා මත තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව පසුගිය 08 වනදා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබුණි.

නවීන් දිසානායක මහතා සිය ඉල්ලීම කර ඇත්තේ තොරතුරු දැනගැනීමේ පනත යටතේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා,

“මම අද මෙතනට ආවේ CID එකට සාමාන්‍ය පුරවැසියෙක් හැටියට. තොරතුරු දැනගැනීමේ පණත යටතේ හා නීතිඥයෙක් හැටියට. ඇත්තවශයෙන්ම මේ කාන්තාව සමඟ මුදල් තැන්පත් කරලා තියෙන්නේ කවුද කියලා දැනගන්න. තවත් කාරණයක් තියෙන්නේ. මහ බැංකුවේ රෝල් එක. මෙතන තැන්පත්කරුවන් විශාල පිරිසක් මේ කාන්තාවගේ මූල්‍ය වංචාවට ලක්වෙලා තියෙනවා. එතකොට මේවා වෙනකොට මහ බැංකුව මොනවද කරන්නේ. ඉතින් මේ තොරතුරු මහජනතාවට දියයුතුයි. මේක වසන් කරන්න බෑ. ඒ විස්තර ටික ලැබුණු ගමන් මම ඒක මාධ්‍යයට නිදහස් කරන්න බලාපොරොත්තු වෙනවා. මට ඒ තොරතුරු ලබාදෙන්නේ නැත්නම් මම මහාධිකරණයට ගිහිල්ලා රිට් ආඥාවක් හරහා CID එකට විරුද්ධව ක්‍රියා කරනවා.”

Leave a Reply

Your email address will not be published.