ගෝලීය ආර්ථිකයත් පසුබෑමකට

ගෝලීය මූල්‍ය අර්බුදය සහ කොවිඩ් වසංගතයේ බලපෑම හේතුවෙන් මේ වසරේදී සහ එළඹෙන 2023 වසරේදී ගෝලීය ආර්ථිකය පසුබෑමකට ලක්වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාවක් මගින් පෙන්වාදී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය නවතම ගෝලීය ආර්ථික දැක්ම ඊයේ ප්‍රකාශයට පත්කර තිබුණි.

රුසියානු – යුක්‍රේන යුද්ධය මෙම ගෝලීය ආර්ථික පසුබෑමකට හේතුවන නවතම සාධකය බවද එහිදී පෙන්වා දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන පරිදි ගෝලීය ආර්ථික වර්ධනය 2021 වසරේ පැවති 6% ක සීමාවේ සිට මේ වසරේ 3.2% දක්වා පහත වැටෙනු ඇත.

එමෙන්ම එළඹෙන 2023 වසර්දි ලෝක ආර්ථික වර්ධනය වනු ඇත්තේ 2.7% කින් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

කෙසේ වෙතත් 2023 වසරේදී නැගී එන සහ සංවර්ධනය වෙමින් පවතින ආසියාකරයේ රටවල් 4.9% ක ආර්ථික වර්ධනයක් ලබනු ඇති බවට මෙම වාර්තාව පුරෝකථනය කර තිබේ.
 

Leave a Reply

Your email address will not be published.