තේ කර්මාන්ත ශාලාවේ සේප්පුව අතුරුදන් වූ හැටි

හපුතලේ, වැලිමඩ මාර්ගයේ කිරින්ද ප්‍රදේශයේ ඇති පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවක සේප්පුව සොරකම් කර තිබේ.

ඊයේ (11) දිනයේ දී සේවක වැටුප් ලබාදීම සඳහා රැගෙන විත් තිබූ රු ලක්ෂ 30ක මුදලක් සේප්පුවේ තැම්පත් කර තිබී ඇති අතර, එම මුදල සහිත සේප්පුව කිසියම් පුද්ගලයෙක් විසින් රැගෙන ගොස් තිබුණි.

හපුතලේ පොලීසිය හා බණ්ඩාරවෙල කොට්ඨාස නිලධාරීන් සොරා අල්ලා ගැනීමට පරීක්ෂණ මෙහෙයවයි.

සොරා සේප්පුව රැගෙන යන ආකාරය තේ කර්මාන්ත ශාලාවේ සවිකර තිබූ CCTV කැමරාවල ද සටහන්ව තිබුණි.

Leave a Reply

Your email address will not be published.