97 හැවිරිදි ප්‍රවීණ දේශපාලනඥයා මැතිවරණයට සූදානම් වෙයි

ලොව ප්‍රවීණතම දේශපාලඥයෙක් ලෙස සැලකෙන මැලේසියාවේ මහතීර් මොහොමඩ් ගැන ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ නැවතත් කතාබහක් ඇතිවී තිබේ.

දැනට 97 හැවිරිදි වියේ පසුවන ඔහු එළඹෙන මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට සැලසුම්කරන බව වාර්තා විය.

ඔහු දීර්ඝ කාලයක් එරට අගමැතිවරයා ලෙස කටයුතු කළේය. පළමුවර වසර 22ක් එරට අගමැති ධුරය දැරූ ඔහු නැවත වරක් 2018 වසරේදී එරට අගමැති ධුරයට පත්වුණි. එවිට ඔහුගේ වයස අවුරුදු 92කි.

හෘදයාබාධයක් හේතුවෙන් 2022 වසර මුලදී ඔහු රෝහල්ගත වුවද මහතීර් පවසන්නේ තමාගේ පාර්ලිමේන්තු අසුන රැකගැනීමට තමා සූදානම් බවය.

නමුත් ඔහුගේ සභාගය ජය ලැබුවහොත් තෙවැනි වරටත් අගමැති පදවියට පත්වන්නේද නැද්ද යන්න ඔහු පවසා නැත.

Leave a Reply

Your email address will not be published.