අධිවේගී මාර්ග භාවිත කරන රියදුරන් ට විශේෂ නිවේදනයක්

පවතින අධික වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන වාහන පැයට කිලෝමීටර 60ක වේග සීමාවක් පවත්වාගෙන යන ලෙස විද්‍යුත් පූවරු මගින් දැනුම්දීමක් සිදුකර තිබේ.

අයහපත් කාලගුණය හේතුවෙන් අඳුරු තත්ත්වයක් පැවතීමෙන් අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේදී ඉදිරිපස ලාම්පු දල්වා ගෙන යන ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරිය වාහන රියදුරන්ට වැඩිදුරටත් දැනුම්දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *