තරුණියක්ව පැහැරගත් සැකකරුවන් අත්අඩංගුවට

23 හැවිරිදි තරුණියක් අලුත්ගම, මොරගල්ල ප්‍රදේශයේදී  පැහැරගෙන මෝටර් රථයකින් රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙක්  අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අලුත්ගම සහ මොරගල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බව පොලීසිය කීය.

ප්‍රේම සම්බන්ධතාවයක් බිඳවැටී ඇතිවූ සිත්තැවුලක් මත ඊයේ (12) රාත්‍රී  පැහැරගැනීම කර ඇතැයි පොලීසිය පවසයි.

වින්දිත කාන්තාව තැන්නහේන යක්වත්ත ප්‍රදේශයේ නිවසක රඳවාගෙන සිටියදී සොයාගෙන ප්‍රතිකාර සඳහා සිනවත්ත රෝහලට ඇතුළු කර ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

අලුත්ගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published.