මහ බැංකුව අද බැඳුම්කර වෙන්දේසියක් කැඳවයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දොපර්තමේන්තුව අද (13) දිනයේ දී රු. මිලියන 30,000 ක බැඳුම්කර වෙන්දේසියක් කැඳවා තිබේ.

2025 සහ 2029 යන වසරවල දී කල්පිරෙන ආකාරයෙන් කාණ්ඩ දෙකක් යටතේ මෙම බැඳුම්කර වෙන්දේසිය පවත්වා ඇත.

එහිදී ලැබී තිබුණු ලංසුවලින් 2025 කාණ්ඩය යටතේ රු. මිලියන 6,792 ක් හා 2029 කාණ්ඩය යටතේ රු. මිලියන 17,500 ක් වශයෙන් ලංසු පිළිගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දොපර්තමේන්තුව කටයුතු කර තිබුණි.

මෙම වෙන්දේසියේ දී එම කාණ්ඩ දෙකට අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් පිළිවෙලින් 31.93% ක් හා 30.85% ක් ලෙසින් සටහන්ව තිබේ.

Leave a Reply

Your email address will not be published.