ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයට

ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ තියුණු තරගයකින් අනතුරුව පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත්කරමිනි.

ඒ අනුව කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව පිවිසෙන්නේ වසර 14කට පසුව වීමද විශේෂත්වයකි.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 122ක් රැස්කරගැනීමට සමත්විය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ හර්ෂිතා සමරවික්‍රම ලකුණු 35ක් ලබාගැනීමට සමත්විණි.

අනුෂ්කා සංජීවනී ලකුණු වේගවත් 26ක් රැස්කරගත්තාය.

පන්දු යැවීමේදී පාකිස්තානය වෙනුවෙන් Nashra Sandhu කඩුලු 3ක් දවාගැනීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් රැස්කරමින් කණ්ඩායම අවසාන මොහොත දක්වා ජයග්‍රහණයේ බලාපොරොත්තුවෙන් ඉදිරියට මෙහෙයවන්න Bismah Maroof සමත්විය.

Bismah Maroofගේ ඉනිම ලකුණු 42කින් වර්ණවත් වුවද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දු යැවීමෙන් එල්ලකළ අභියෝගය ජයගැනීමට එය ප්‍රමාණවත් නොවුනි.

Nida Dar පාකිස්තානය වෙනුවෙන් ලකුණු 26ක් රැස්කළේය.

ඉනෝකා රණවීර තරගයේ ක්‍රීඩිකාව බවට පත්විය.

අවසන් පන්දුවාර කිහිපයේ තියුණු සටනකින් අනතුරුව ලකුණු 1කින් තරගය ජයගෙන මෙවර ආසියානු කුසලාන අවසන් ගැටුමට පිවිසීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.
 

Leave a Reply

Your email address will not be published.