චීනය සෙලවූ ඒකපුද්ගල විරෝධය

චීන ජනාධිපතිට එරෙහිව එරට තුළින් විරෝධතා මතුවීම දුර්ලභය.

නමුත් තනි පුද්ගලයෙක් ජනාධිපති ෂී ජින්පින් ට එරෙහිව විරෝධතාවයක් දැක්වීමට එඩිතර වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. 

මේ අතර එම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු සෙවීමට අනතර්ජාලය තුළ දැඩි උන්නන්දුවක් ඇතිවී තිබෙන බවත් එම පුද්ගලයාට බෝහෝ අය සිය ප්‍රණාමය ප්‍රකාශකරන බවත් වාර්තා වෙයි.
 
එම උද්ඝෝෂකයා බෙයිජිං හි හයිඩියන් දිස්ත්‍රික්කයේ සිටෝන්ග් පාලම ට නැග විශාල ප්‍රමාණයේ බැනර් දෙකක් ප්‍රදර්ශනය කර තිබුණි.

එම බැනර්වල සඳහන් ව ඇත්තේ චීනයේ දැඩි කොවිඩ් ප්‍රතිපත්ති අවසන් කළ යුතු බවත් ජනාධිපති ෂී ජින්පින් ව බලයෙන් පහකළ යුතු බවත් ය.

එම විරෝධය සම්බන්ධයෙන් රාජ්‍ය මාධ්‍ය කිසිවක් වාර්තා නොකළද සමාජ මාධ්‍ය ඔස්සේ පින්තූර සහ වීඩියෝ සංසරණය විය.
   
මෙම ඒක පුද්ගල උද්ඝෝෂණය පවත්වා ඇත්තේ එරට කොමියුනිස්ට් පක්ෂ සම්මේලනය ඇරඹීමට ආසන්නව තිබියදීය.

එම සම්මේලනයේදී ජනාධිපති ෂී, තෙවැනි වරටත් පක්ෂ නායකයා ලෙස සිය බලය තහවුරු කරගැනීමට නියමිතය.
  
එම උද්ඝෝෂකයාව අත්අඩංගුවට ගත් බවද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published.