රුසියානු “මීර්“ ගෙවීම් පද්ධතියට එක්විය නොහැකි බව ශ්‍රීලංකාව දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත්කරමින් ඒ බව පැවසීය.
අමෙරිකාව විසින් රුසියාවට පනවා ඇති සම්බාධක හේතුවෙන් මෙම අවස්ථාවේ ඊට එක්විය නොහැකි බවට ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී ඇති බව සඳහන් ය.
ලොව රටවල් රැසක් අමෙරිකාවේ සම්බාධකවලින් වැළකීමේ අරමුණින් රුසියානු මහ බැංකුවේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක “මීර්“ ගෙවීම් පද්ධතියෙන් ඉවත්ව සිටී.
අමෙරිකානු ඩොලර් ගෙවීමකින් තොරව රුසියාව සමග ගනුදෙනු කිරීමේ ක්‍රමවේදයක් ලෙස “මීර්“ කාඩ් ගෙවීම් පද්ධතිය ක්‍රියාත්මක වෙයි.
රුසියානු මහ බැංකුව මගින් 2017 මැයි 01 වනදා හඳුන්වා දුන් නීතියක් අනුව “මීර් කාඩ් ගෙවීම් ක්‍රමවේදය” ක්‍රියාත්මක විය.
ඒ හරහා විද්‍යුත් ව මුදල් ගනුදෙනු කළ හැකිය.