ප‍්‍රියමාලිට එරෙහිව ප‍්‍රකට විශේෂඥ වෛද්‍යවරයෙක් රහස් පොලිසියේ.. වංචාව කෝටි 75ක්..

බිලියන ගණණක මුදල් වංචා කර ඇතැයි චෝදනා මත මේ වන විට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලිට එරෙහිව විශේෂඥ වෛද්‍යවරයකුද රහස් පොලිසියට පැමිණිලි කර ඇත.

තම පැමිණිල්ල මගින් ඔහු පවසා ඇත්තේ තම මුදල් කෝටි 75ක මුදලක් ඇය විසින් වංචා කර ඇති බවයි.

ඔහු තම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ලිඛිතව ඉදිරිපත් කිරීමටද කටයුතු කර ඇත.

මේ වන විට තිළිණි ප්‍රියමාලිට එරෙහිව රහස් පොලිසියට පැමිණිලි 10ක් ලැබී තිබේ.

Leave a Reply

Your email address will not be published.