රජ කුමරියකට ජීවිත තර්ජන

ඇය මේ වනවිට 18 වන වියේ පසුවන අතර පසුගියදා ඇය ඇම්ස්ටර්ඩෑම් විශ්වවිද්‍යාලයේ සිය උපාධිය සඳහා ඉගෙනුම් කටයුතු ආරම්භ කළාය.

ඒ හේතුවෙන් කැතරිනා කුමරිය ඒ ආසන්නයේ පිහිටි නිවසක සිට විශ්වවිද්‍යාලයට යෑමට තීරණය කර තිබූ අතර ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවූ ගැටලු හේතුවෙන් ඇය නැවතත් රජ මාළිගයට ගෙන්වාගෙන ඇති බව වාර්තා විය.

විශේෂයෙන්ම ඇයට යම් ප්‍රහාරයක් එල්ල කිරීමට හෝ පැහැරගැනීමට ඉඩ ඇතැයි ආරක්ෂක අංශ හඳුනාගෙන තිබීම හේතුවෙන් ඇයගේ ආරක්ෂාව තරකළ බව සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published.