ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ඉන්දියාවේ සහ චීනයේ ප්‍රතිචාරය පමාවෙයි

ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් “පැරිස් සමාජය” පසුගිය මාසයේදී ඉන්දීය සහ චීන බලධාරීන් සමග අදහස් හුවමාරු කරගෙන තිබුණි.

ඒ සම්බන්ධයෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් “පැරිස් සමාජය” සිටින බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති රටවල් අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ ඉන්දියාව සහ චීනයයි.

දැඩි ණය අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව සැප්තැම්බර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල එකඟතාවයක් ඇතිකරගත්තේ ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ මූල්‍ය පහසුකමක් ලබාගැනීම සඳහා ය.
 

Leave a Reply

Your email address will not be published.