කදුකරයට ඝන මිදුම් තත්ත්වයක්, රථ වාහන ගමනා ගමනයට බාධා..

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට (13) දින පස්වරුවේ සිට කඩින් කඩ වැසි ලැබෙමින්පවති.

පවතින සුළු වර්ෂාවත් සමග මධ්‍යම කදුකරයේ ස්ථාන කිහිපයකම ප්‍රධාන මාර්ග වල රථ වාහන ගමනා ගමනයට බාධා වන සේ ඝන මිදුම් තත්ත්වයක් ඇති වි ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

හැටන් නුවරඑලිය හැටන් කොළඹ හැටන් බගවන්තලාව සහ මස්කෙලිය යන මාර්ග වල මෙම ඝන මිදුම් තත්ත්වය පවති.

පවතින ඝන මිදුම් තත්ත්වය සහ පවතින සුළු වර්ෂාවත් සමග එම මාර්ග වල රථ වාහන ධාවනය කිරිමේදි සැලිකිලමත් ලෙස රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published.