බුද්ධි අංශ වාර්තා අනුව අරගලයට සම්බන්ධ වී ඇත්තේ ලක්ෂ දෙකකට අඩු පිරිසක් බව අනාවර්ණය වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, පොළොන්නරුවේ පැවති ජන හමුවකට එක් වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා,
“දැනට සති කිහිපයකට පෙර බුද්ධි අංශ ප්‍රධානියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අරගල ගැන හෙළිකිරීමක් කළා. බුද්ධි අංශ සංඛ්‍යා ලේඛන අනුව අරගලයට සම්බන්ධ වුණ පිරිස ලක්ෂ දෙකකට අඩුයි. ඒකට බය වෙලා අපි අඩියක් පිටුපසට ගත්තා. බයවුණු අය ස්වාධීන වෙන්න ගියා. ස්වාධීන වීම පිටුපස තිබුණේ බයක් නෙමේ කුමන්ත්‍රණයක්. “
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2022 ජාතික සමුළුව පිළිබඳ ආසන මට්ටමේ පුර්ව දැනුවත් කිරීමේ පොළොන්නරු දිස්ත්‍රික් වැඩසටහන අද පැවැත් වුණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකවරයා ලෙස කටයුතු කළ අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඉන් ඉවත්ව ස්වාධිනව කටයුතු කිරීමට ගත් තීරණය හේතුවෙන් පුරප්පාඩු වු දිස්ත්‍රික් නායකත්වයට රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා මෙහිදී පත්කරනු