වරකාපොල ඛේදවාචකය – මවගේ සිරුර ත් හමුවෙයි

ඊයේ (14 )ඇතිවූ අධික වර්ෂාව සමග වරකාපොල තුඹලියද්ද ප්‍රදේශයේ දෙමහල් නිවසක් මතට නිවස පිටුපස පිහිටි කන්දක් නායයෑම නිසා එම නිවස සම්පූර්ණයෙන් විනාශ විය.

එමනිවස තුළ සිටි මව පියා හා පුතා ඊට යටවිය.

ඊයේ සවස 4.30 පමණ සුන්බුන් අතර සිරවී සිටි පියාව බේරාගත් අතර ඔහුව වරකාපොල රෝහල වෙත යැවිණි.

ඔහුගේ පාදය අස්ථි බිඳීමට ලක්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

අද (15) අළුයම 4.10ට පමණ නිවසේ සුන්බුන් වලට යටවි මියගොස් සිටි වයස 48 වු මවගේ සිරුර හමුවිය.

දැනට අතුරුදන්ව ඇති වයස 24 ක් වූ පුතාගේ සිරුර සොයා යුද හමුදා සෙබළුන්, ප්‍රදේශවාසින් හා පොලීසිය නිවස මතට කඩා වැටි ඇති පස් ඉවත් කරමින් සිටී.

Leave a Reply

Your email address will not be published.