ස්වදේශී කොහොඹ ප්‍රජා සත්කාරක වැඩසටහනක් කඳානේ දී

ශාකසාර සනීපාරක්ෂක නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන කදානේස්වදේශී කර්මාන්තායතනය විසින් පසුගිය දා කඳාන – කන්දේවත්ත සහ කඳාන  නාගොඩ – මොරාවත්ත යන ග්‍රාම නිලධාරී වසම්වල අඩු ආදායම් ලාභී පවුල් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කෙරිණි. ස්වදේශී සමාගම සිදු කරන ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් වූ මෙම ව්‍යාපෘතිය, ‘ස්වදේශී කොහොඹ ප්‍රජා සත්කාරය‘ යන තේමාව යටතේ දියත් කෙරුණු අතරඑමගින් වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ජනතාවට පිළිසරණක් වීම අරමුණු කෙරිණි.

 ස්වදේශී කර්මාන්තායතනයේ  සභාපතිනිය වන අමරි විජයවර්ධන මැතිණිය සහ එම සමාගමේ නියෝජ්‍ය සභාපතිනිය හා කළමනාකාර අධ්‍යක්ෂිකා චූලෝධරා සමරසිංහ මැතිණිය පැවසුවේ දේශීය සමාගමක් ලෙසඋපන් නගරයේ ජීවත් වන පාරිභෝගික ජනතාවට මෙවැනි දුෂ්කර කාලවකවානුවක සහය වීම සිය ආයතනික වගකීමක් ලෙස සලකන බවයි.

 100%ක් දේශීය සමාගමක් ලෙස ස්වදේශීසියලු ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් සමාජය ගොඩ නැංවීමේ සත්කාර වැඩසටහන් වෙත සිය අඛණ්ඩ අවධානය යොමු කර ඇත.  ස්වදේශී කොහොඹ සන්නාමය සොබාදහමේ ආරක්ෂාව සහ සංස්කෘතික වටිනාකම් ඉහළ නැංවීම උදෙසා තිරසර ව්‍යාපෘති  ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැප වී සිටියි.  සමාගමේ බොහෝ සමාජීය වැඩසටහන් තුළින් “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය” ඔස්සේ දිවයින පුරා ආගමික සිද්ධස්ථාන ආලෝකමත් කිරීමස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය – කොහොඹ පැළ වගා කිරීමේ ව්‍යාපෘතිආගමික ස්ථානපාසල් සහ ශ්‍රී ලංකාවේ  වියළි කලාපයේ ජනතාව වෙත ජල ටැංකි පරිත්‍යාගයගැබිණි මව්වරුන් වෙත කොහොඹ බේබි ළදරු සනීපාරක්ෂණ නිෂ්පාදන ප්‍රදානය වැනි සත්කාරයන් සිදු කරයි.

ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය1941 වසරේ ආරම්භ කරන ලද ISO 9001 – 2015 සහතික ලත් සමාගමකි. ස්වදේශී කර්මාන්තායතනය මගින් වෙළෙඳ පොළට නිකුත් කරන ජනප්‍රිය වෙළඳ නාම අතර කොහොඹ හර්බල්,  රාණි සඳුන්කොහොඹ බේබිපර්ල්වයිට්සේෆ්ප්ලස්ලක් බා(ර්)බ්ලැක් ඊගල් ප(ර්)ෆියුම්කොහොඹ සහ රාණි ෂවර් ජෙල් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ.

 ශ්‍රී ලංකාවේ පෞද්ගලික ශාකසාර නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් ලෙස අප අපගේ සියලුම නිෂ්පාදන සඳහා භාවිතා කරන ශාකසාර අමුද්‍රව්‍යවල ක්‍රියාකාරී ප්‍රතිලාභ පිළිබඳව පාරිභෝගිකයන් හමුවේ තබන්නට අපි කැමැත්තෙන් සිටිමු. අප හොඳම ශ්‍රී ලාංකේය ශාකසාර පමණක් භාවිතා කරන අතරසෑම අමු ද්‍රව්‍යයක්ම පුළුල්ව පර්යේෂණයන්ට ලක් කරයි. ස්වදේශී සියලු නිෂ්පාදන 100% ශාකසාර නිෂ්පාදන වන අතරසතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි. ස්වදේශී කොහොඹරාණි සඳුන්,  ස්වදේශී කොහොඹ බේබි ඇතුළු ස්වදේශී නිෂ්පාදන බ්‍රිතාන්‍ය නිර්මාංශ සංගමයේ පිළිගැනීම ලත් එකම ශ්‍රී ලාංකේය නිෂ්පාදන පෙළයි. මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතාවන් මෙන් ම පාරිභෝගික‍යා සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් කිරීමට සමාගමේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. සමාගම සෑම විටම සිය නිෂ්පාදනවල සෞඛ්‍ය හා පාරිසරික බලපෑම සලකා බලා ඇති අතරඑයට ප්‍රමුඛත්වය දෙමින් අඛණ්ඩව නිෂ්පාදන සිදු කරයි.

මෙම සෑම කොහොඹ බේබි නිෂ්පාදනයක්මසෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යටතේ සහතික කළ නිෂ්පාදන පෙළකි.  එමෙන්මස්වදේශී නිෂ්පාදන සඳහා යොදා ගන්නා සුවඳ ගන්වනජාත්‍යන්තර විලවුන් සංගමය (IFRA) මගින් අනුමත කර ඇති අතරසෑම නිෂ්පාදනයක්ම ISO 9001 – 2015 තත්ත්ව සහතික යටතේ නිපදවා තිබේ.

Leave a Reply

Your email address will not be published.